සිකුරාදා, මැයි 17, 2024
දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශය

කි.මී 5543 පමණ වපසරියකින් යුතු දකුණු පළාත  දකුණින් සයුරෙන්ද  උතුරින් බස්නාහිර,සබරගමු හා ඌව පළාත් මායිම් වලින්ද වට වී ඇත.

දකණු පළාතේ ගාල්ල,මාතර සහ හම්බන්තොට යන පරිපාලන දිස්ත්‍රික්ක වලට අයත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 47 ක ජීවත්වන ආබාධිත,අසරණ,දිළිඳු ජනතාවට සේවය සැලසීමේ අරමුනින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති බලතල ප්‍රකාරව දකුණු පළාත් සභාව යටතේ 1990 වර්ෂයේ දී සෞඛ්‍ය,ධීවර,සමාජ සුබසාධන අමාත්‍යංශය යටතේ සමාජ සුබසාධන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදි.

1990 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ‘’ බී ‘’ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස පළාතේ ජනතාවගේ දිළිදුකම පිටු දැකිම සදහා සුවිශාල කාර්යභාරයක් ඉටුකරන ලදි.

2014 වර්ෂයෙහි අග භාගයේ දී මෙම දෙපාර්තමේන්තුව හා පරිවාස දෙපාර්තමේන්තුව උත්ශ්‍රේණිය ගත කර සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නමින්  ‘’ ඒ ‘’ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් බවට පත් කර කොමසාරිස්වරයෙක් හරහා පළාත තුළ වැඩිහිටියන්ට, ළමයින්ට, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට හා අසරණයන් හට පුඑල් මෙහෙවරක් සිදුකරනු ලබයි.දැනට මෙම දෙපාර්තමේන්තුව ක්‍රීඩා හා යෞවන කටයුතු ….අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

දකුණු පළාත තුළ ජීවත්වන  දිළිදු හා අසරණ ජන කොටස් සඳහා ආබාධිත පුද්ගලයන් සඳහා සහනාධාර ලබා  දීම හා වාසස්ථාන අහිමි වයෝවෘද්ධ තැනැත්තන් සඳහා  වැඩිහිටි නිවාස  හා දිවා සුරුකුම් මධ්‍යස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම,විවිධ රෝගාබාධ සඳහා ආධාර ලබා දීම,ආබාධිත  පුද්ගලයන්හට අවශ්‍ය ආබාධිත උපකරණ අවශ්‍යතා ලබා දීම ආදී වශයෙන් දකුණු පළාතේ ජිවත්වන ආර්ථික හා සාමාජීය වශයෙන් පසු බෑමට ලක් වු ජන කොටස්වලට විවිධ සේවා සහ පහසුකම් සැපයීම සිදුකරනු ලැබේ.

තිරසාර සංවර්ධන අභිමතාර්ථවලට අනුගත වෙමින් දෙපාර්තමේන්තු අභිමතාර්ථ හා අරමුණු ඉටුකර ගැනීමට හැකිවන පරිදි උපාය මාර්ගික ආයතනික සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මටිටමින් අවශ්‍යතා හදුනාගෙන පළාත් නිශ්චිත ප්‍රතිපාදන,උපමාන පාදක ප්‍රතිපාදන යටතේ,වාර්ෂික සංවර්ධන සැලැස්ම තුලින් පළාතේ අඩු ආදායම්ලාභි වැඩිහිටි හා ආබාධිත ප්‍රජාව සුභසාධන  සදහා විවිධ ව්‍යාපෘති/වැඩසටහන් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.

සමාජ සුබසාධන …දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක බොහෝ වැඩසටහන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිටින සමාජ සේවා නිලධාරීන් මගින් සිදුවන අතර වැඩිහිටියන්ට අදාල කටයුතු වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්ෂේත්‍ර නිලධාරීන්  ද සහය ලැබේ.

Our Progress2020

26195
මහජනාධාර ප්‍රතිලාභීන් සංඛ්‍යාව
4396
රෝගාධාර ප්‍රතිලාභීන් සංඛ්‍යාව
183
නිවාස ආධාර ප්‍රතිලාභීන් සංඛ්‍යාව
182
ස්වයං රැකියා ආධාර ප්‍රතිලාභීන් සංඛ්‍යාව