සිකුරාදා, මැයි 17, 2024
දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශය

අමාත්‍යාංශයේ විෂය පථයට අයත් යෞවන කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ තරුණ ප්‍රතිපත්තීන් සමග යා වෙමින් දකුණේ තරුණ අවශ්‍යතා පරිපූර්ණ කරලීමට විවිධ සේවාවන් රැසක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමස්ත ජනගහනයෙන් 23%ක් හෙවත් මිලියන 4.4 කී. එක්සත් ජාතීන්ගේ වීශ්වීය නිර්වචනයට අනුව තරුණයින් අවුරුදු 15 ත් 29ත් අතර වයස් කාණ්ඩයට අයත් වේ.

දකුණු පළාත තුළ ද ග්‍රාමීය හා නාගරික, වතු යනාදී ක්ෂේත්‍ර තුළ සුවිශාල තරුණ ජනගහනයක් පවතී. සමාජ, ආර්ථික,සංස්කෘතික, පාරිසරික හා දේශපාලනික මෙන්ම භූගෝලීය වශයෙන් ද විවිධත්වයක් උසුලන දකුණු පළාත තරුණ පරපුර නියෝජනය අතින් ද සුවිශේෂී වේ.

ඒ අනුව දකුණු පළාත පිහිටි වර්ග කි.මී. 5544ක බිම් ප්‍රමාණය තුළ දිස්ත්‍රික් පරිපාලන ඒකක 03කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47කි. ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03 හි මුළු ජනගහනය 503988කි.( මූලාශ්‍රය 2012 වර්ෂයේ ජන සංඛ්‍යා දත්ත) දකුණු පළාත තුළ අධ්‍යාපනයේ නිරත වන අති බහුතරයක් ළමා ජනගහනය පසු කාලීනව උගත් තරුණයින් සහිත සමාජයක් නිර්මාණය කිරීමට වාර්ෂිකව දායක වේ.

යටත් විජිත සමයේ සිට පැවැත එන සංස්කෘතික උරුමයන් ද හෙළ සාහිත්‍යයික හා ජන කලා හා සංස්කෘතික උරුමයන්ගෙන් ද දකුණේ තාරුණ්‍ය පොහොසත් ය. නමුත් සංචාරක, ධීවර, කලාත්මක නිර්මාණ, කෘෂි හා වැවිලි කර්මාන්ත, පාරම්පරික කර්මාන්ත , වාණිජ කටයුතු හා ව්‍යවසායකත්ව කාර්යයන්හි තරුණ උපයෝජනය අඩු මට්ටමක පවතී. විරැකියාව හා දුගී භාවය ද කාලාන්තරයක සිට දකුණේ තාරුණ්‍යය මුහුණ දෙන අභියෝගයන් වේ.

Our Progress

275
යොවුන් පලාත් සබා මන්ත්‍රීන්
1212
තරුණ තරුණියන් සදහා ඉංග්‍රීසි පුහුණු පාඨමාලා
112
රියදුරු බලපත්‍ර ලාබින්
203
නායකත්ව හා මෘදු කුසලතා සංවර්ධනය පුහුණු වැඩසටන්