සිකුරාදා, මැයි 17, 2024
දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ දකුණු පළාත වර්ග කි.මී.5544 බිම් ප්‍රමාණයකින් සමන්විත අතර එය ගාල්ල, මාතර හා හම්බන්තොට යන පරිපාලන දිස්ත්‍රික්ක 03 කින් හා ඒ යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 47 සමන්විත ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුවේ 2018 ඇස්තමෙන්තුවලට අනුව 21670000 ක ජනගහනයකින් යුතු එයින් සිංහල ජන වර්ගය ප්‍රධාන කොට, දමිල, මුස්ලිම් හා වෙනත් සුළු ජන වර්ග ද වාසය කරන අති රමණීය වූ භූමි භාගයකි.

දකුණු පළාත් ක්‍රීඩා… අමාත්‍යාංශය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු,ග්‍රාම සංවර්ධන,සංස්කෘතික හා කලා කටයුතු,සමාජ සුබ සාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා,කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස්බල හා රැකී රක්ෂා ප්‍රවර්ධන ලෙස සංවර්ධන විෂයන් 10 ක් පළාත තුල ක්‍රියාත්මක වේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ විෂය පථයන්ට අයත් වන කාන්තා කටයුතු විෂය යටතේ දකුණු පළාතේ කාන්තාවන් වෙත ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ස්ව්‍යං රැකියා පුහුණු පාඨමාලා පැවැත්වීම, ව්‍යවසායක කාන්තාවන්ට 50% සහනාධාර පදනම යටතේ ස්ව්‍යං රැකියා උපකරණ ලබාදීම, අඩු ආදායම් ලාභී කාන්තා මූලික පවුල් සඳහා වැසිකිලි ආධාර ලබා දීම, කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන ඇතුලත් අලෙවි පොල වාර්ෂිකව පැවැත්වීම ඇතුළුව දකුණේ කාන්තාවන් දැයට අභිමානයක් එක්කරන කාන්තාවන් බවට පත්කිරීමට අවෂ්‍ය පහසුකම් සලසමින් අප සේවාවන් දකුණු පළාත පුරාවට ව්‍යාප්ත කරණු ලබයි.

Our Progress

2100
ව්‍යවසායක කාන්තා පුහුණුලාබීන්
73
ස්වයං රැකියා පුහුණු වැඩසටහන්
150
ව්‍යවසායක කාන්තාවන්ට ස්වයං රැකියා උපකරණ
92
කාන්තා මුලික පවුල් ඒකක සදහා සනීපාරක්ශක පහසුකම්