සිකුරාදා, මැයි 17, 2024
දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශය

වර්ෂ 1944 නොවැම්බර් 16 වන දින වරදකරුවන් පරිවාස භාරයේ තැබීමේ ආඥා පනත ප්‍රකාශයට පත් වීමත් සමඟ 1945 මාර්තු 12 වන දින පරිවාස සේවය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ආරම්භ වී ඇත. එවකට එම දෙපාර්තමේන්තුව බන්ධනාගාර හා පරිවාස දෙපාර්තමේන්තුව ලෙසින් ස්වාධීනව කටයුතු කරන වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස සේවා කටයුතු ආරම්භ කර ඇත.
1988 වසරේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ මධ්‍යම රජයේ එක් කොමසාරිස්වරයෙකු යටතේ සහකාර කොමසාරිස් බල ප්‍රදේශ මට්ටමින් පත් කරන ලද සහකාර කොමසාරිස්වරුන් යටතේ පරිවාස කාර්යාල හරහා රාජකාරී කටයුතු ක්‍රියාත්මක වී ඇත. පසු කාලීනව පළාත් සභා පරිපාලනය ක්‍රියාත්මක වීමත් සමඟ පූර්ණ ලෙස විමධ්‍යගත විෂයයක් බවට පරිවාස හා ළමාරක්ෂක සේවාව පත්විය. පසුව සමාජ සුබසාධන විෂයය හා ඒකාබද්ධව සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෙස 2014 වර්ෂයේ සිට දකුණු පළාතේ ක්‍රියාත්මක වේ. දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස හා ළමාරක්ෂක සේවා අංශය යටතේ පරිවාස කාර්යාල 11ක් (ගාල්ල දිස්ත්‍රික්කය – 05ක්) (මාතර දිස්ත්‍රික්කය – 02ක්) හා (හම්බන්තොට දිස්ත්‍රික්කය – 04ක්) ලෙස අධිකරණ බල ප්‍රදේශ මට්ටමින් ස්ථාපිත කර ඇත. දෙපාර්තමේන්තුව යටතේ සෘජුව පාලනය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 07ක් හා අධීක්ෂණය යටතේ පවතින ස්වේච්ඡා ළමා රැකවරණ මධ්‍යස්ථාන 24ක් ද ඇත.

Our Progress

500
ශිෂ්‍යාධාර ලාභීන්
600
ළමුන් පාසල්ගත කිරීම
55
දක්ෂිණ ළමා පළාත් සභාව
47
ආබාධිත ළමුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම