බ්‍රහස්පතින්දා, මැයි 2, 2024
දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශය

ක්‍රීඩා,ග්‍රාම සංවර්ධන, සංස්කෘතික,පරිවාස හා ළමා රක්ෂක සේවා, සමාජ සුභසාධන,නිවාස, කාන්තා කටයුතු, මිනිස් බල රැකීරක්ෂා, තරුණ කටයුතු, ගෘහ ආර්ථික ප්‍රවර්ධන යන ජනතාවට වඩාත් සංවේදී විෂයන් ගෙන් සමන්විත අමාත්‍යාංශයක් වේ.

අමාත්‍යාංශය, 3 වන මහල,දක්ෂිණපාය, ලබුදූව, ගාල්ල යන ලිපිනයේ දක්ෂිණපාය නම් ගොඩනැගිල්ල තුල ස්ථාපිතකර ඇත.
මෙම අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානියා ලෙස කටයුතු සිදුකරනුයේ අමාත්‍යාංශ ලේකම් වන අතර, සහකාර ලේකම්වරු දෙදෙනෙක්, අධ්‍යක්ෂවරු දෙදෙනෙක්, සහකාර අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සහ ගණකාධිකාරිවරයෙකු ඇතුළු 102 දෙනෙකුගෙන් යුත්ත කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

අමාත්‍යාංශය, අමාත්‍ය කාර්ය මණ්ඩලය හා අමාත්‍යාංශය ලෙස අංශ දෙකකින් යුතු වන අතර, අමාත්‍යාංශ කාර්යාලය යටතේ ආයතන, සංවර්ධන හා ගිණුම් වශයෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ කාර්යභාරය වෙන්කර ඇත.

අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ක්‍රීඩා විෂය සඳහා දකුණු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව ද, ග්‍රාම සංවර්ධන විෂයට අදාලව දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ද, පරිවාස හා ළමා ආරක්ෂක සේවා හා සමාජ සුභසාධන විෂයන්ට අදාලව දකුණු පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ද, නිවාස විෂයට අදාලව දකුණු පළාත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව ද වශයෙන් ස්වාධින ආයතන ලෙස ස්ථාපිත වී ඇත. අනෙක් විෂයන් වන කාන්තා කටයුතු, මිනිස් බල රැකීරක්ෂා, තරුණ කටයුතු, ගෘහ ආර්ථික කටයුතු හා සංස්කෘතික යන විෂයන් සඳහා අදාල කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

Our Progress

84
2017 වියදම මිලියන
94
2018 වියදම මිලියන
101
2019 වියදම මිලියන
101
2020 වියදම මිලියන