සිකුරාදා, මැයි 17, 2024
දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ දකුණු පළාත වර්ග කි.මී.5544 බිම් ප්‍රමාණයකින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 47 සැදුම්ලත් 2, 503,988 ක ජනගහනයෙන් යුක්ත වන අතර එය ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03 න් සමන්විත වන අතර එහි සිංහල, දෙමළ ,මුස්ලිම් හා වෙනත් සුළු ජන වර්ගවලින් සමන්විතව බහුජාතීන්ගෙන් පෝෂණය වූ රමණීය පළාතකි.

ක්‍රීඩා අමාත්‍යාංශය දකුණු පළාත තුල ක්‍රීඩා හා යෞවන කටයුතු,ග්‍රාම සංවර්ධන,සංස්කෘතික හා කලා කටයුතු,සමාජ සුබ සාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා,කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස්බල හා රැකී රක්ෂා ලෙස විෂයන් කිහිපයකින් සමන්විත වේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ විෂය පථයන්ට අයත් වන මිනිස්බල හා රැකී රක්ෂා විෂය යටතේ දකුණු පළාතේ ව්‍යවසායකයන් ඇගයිමට ලක් කරමින් ඔවුන්ට අවශ්‍ය පුහුණු අවශ්‍යතා, උපකරණ ලබා දෙමින් දිරිමත් කරමින් ව්‍යවසායකයන්ට අවශ්‍ය පහසුකම් සලසමින් තම සේවාව පළාතේ සියලුම ජනතා සුබ සිද්ධිය පිණිස ඉටුකරයි.

Our Progress

22
ව්‍යවසායක සංසද
118
ස්වයං රැකියා ප්‍රතිලාභීන්
8
පුහුණු වැඩමුළු
240
පුහුණු ප්‍රතිලාභීන්